සමෘද්ධි බැංකුව ගනුදෙනු නැකත වර්ජනය කරයි

සිංහල – හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ගනුදෙනු කිරීමේ නැකත සඳහා අප්‍රේල් මස 15 වනදා සමෘද්ධි බැංකු විවෘත කිරීමෙන් වැළකී සිටීමට සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

එම එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළේ, සමෘද්ධි සේවකයින්ගේ දිරිදීමනා ගැටලුවක් මුල්කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා මේ බව සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *