සභාපතිට සේවකයන්ගෙන් හොඳටම ගුටි

බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනකා විමලරත්න මහතාට සභා සේවකයින් සිව්දෙනකු පහර දුන් බවට සභාපති වරයා අලුත්ගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

බේරුවල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති මාසික සභා රැස්වීම අවසන් වීමෙන් පසු සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අලුත්ගම ගඟබඩ පාරේ සංචාරක අවන්හලක් වෙත ගොස් ඇති අතර එහිදී මෙම පිරිස අතර ඇති ඇති වූ කතාබහක් දුරදිග ගොස් සභාපතිවරයාට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

එසේ සභාපතිවරයාට පහරදුන් බව කියන පිරිස සිය කාර්යාලයට පැමිණ සේවා ස්ථානයෙන් රාජකාරි අවසන් කර නික්ම ගිය බවට පැමිණීම හා පිටවන සටහන් පොතේ සටහන් කර ඇතැයි ද විමර්ශන සිදුකරන පොලිසිය කියයි .

පොලීසිය සඳහන් කළේ මේ පහරදීමට අදාළ සේවකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *