ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනසක්

අයර්ලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත සහ සදීර සමරවික්‍රම කැඳවා තිබේ.

නවසීලන්ත ටෙස්ට් තරගාවලියට කැඳවා තිබූ නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට ටෙස්ට් සංචිතයේ සිය ස්ථාන අහිමිව ඇති බව වාර්තා වෙයි

ටෙස්ට් තරග දෙකට ක්‍රීඩා කිරීමට සඳහා අයර්ලන්ත කණ්ඩායම දිවයිනට පැමිණීම නියමිත අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 16 වනදාත්, දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් 24 වනදාත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති අතර කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම සහ දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තද සංචිතයට කැඳවා තිබේ.

අයර්ලන්ත ටෙස්ට් තරගාවලියේදී කසුන් රාජිත සහ ලහිරු කුමාර විවේක ගන්වා ඇති අතර ඒ වෙනුවට ටෙස්ට් සංචිතයට කැඳවා ඇත්තේ අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *