පීබී හිතවතකුට යවා ඇති ආන්දෝලනාත්මක වට්ස්ඇප් පණිවුඩය

පසුගිය දින කිහිපයේ ආණ්ඩුවේ ඊළඟ ප්‍රධාන මාතෘකාව බවට පත්ව සිටියේ ජනාධිපති ලේකම්. පී.බී. ජයසුන්දර මහතාය. ආණ්ඩුව පැත්තෙන් එන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ලබන 19 වැනිදා නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා වැඩ භාරගැනීමට සූදානමින් සිටින බවකි.

නමුත් ඇත්ත ගැටලුව ඇත්තේ එහි නොව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සිටම දශක දෙකකට වැඩි කාලයක් රටේ ආර්ථිකය මෙහෙයවමින් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වය හොඳින්ම දැන සිටින පී.බී. රට මෙවැනි අසීරු අවස්ථාවකට වැටී සිටියදී තනතුරින් ඉවත් වීමට තීන්දු කර තිබීමය.

ඒ සම්බන්ධයෙන් විමසමින් පසුගිය සතියේ විදෙස් රටක සිටින පී.බී.ගේ එක්තරා මිත්‍රයකු පී.බී,ට වට්ස්ඇප් පණිවුඩයක් එවීමට පියවර ගෙන තිබිණි. එම පණිවුඩය මගින් එම විදෙස්ගත මිතුරා පී.බී.ගෙන් විමසා තිබුණේ, ‘දැන් ඔබතුමාත් අයින් වෙනවා. මට හරිම කනගාටුයි. මොකක්ද රටට වෙන්න යන්නේ…?’ යනුවෙනි.

ඊට පී.බී. ලබාදී තිබුණේ වචන 6ක ඉතා කෙටි උත්තරයකි. වචන 6ක් පමණක් වුවත් එහි ගැබ්ව තිබුනේ ඉතා බරපතළ ආර්ථයකි. ‘Only god can save our country’ යනුවෙන් එහි සඳහන්ව තිබූ අතර එහි සිංහල තේරුම වනුයේ, ‘අපේ රට බේරගන්න පුළුවන් දෙවියන්ට පමණයි…’ යන්නය. ඒ අනුව පී.බී.ගේ මේ උත්තරයෙන් පැහැදිලි වන්නේ මෙම ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීම පහසු නොවන බව පී.බී.ටද වැටහී බවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *