කාර්යාල දුම්රිය රැසක් අවලංගුයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ රාත්‍රියේ (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබේ. අද දිනයේ දී දුම්රිය ධාවනය යථාපරිදි ක්‍රියාත්මක කිරීමට පාලනාධිකාරිය පොරොන්දුවීමත් සමගයි.

වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කණාගාටුව ප්‍රකාශ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති කසුන් ජයසේකර පවසයි.
ඊයේ දිනයේදී දුම්රිය ධාවනාගාර කාර්යය මණ්ඩලය ක්ෂණිකව සේවයෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමග දුම්රිය ගමන්වාර 140 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු විය.

කෙසේ වෙතත්, අද (06) දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමේ හැකියාවක් නොමැති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්ත පවසයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවකයින්ට සේවයට වාර්තා කිරීමට නොහැකිවීම මත සමස්ත කාර්යාල දුම්රිය 48න් අද දිනයේ ධාවනය කරන්නේ දුම්රිය 22ක් පමණක් බවත් ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *