Pure Gold by Tiesh සමඟ ස්ටෙෆනි අත්වැල් බැඳ ගනියි !

සුවිශේෂී ශිල්පීයත්වය සහ සදාකාලික මෝස්තර සඳහා කීර්තිමත් ස්වර්ණාභරණ සන්නාමයක් වන Pure Gold by Tiesh ස්වර්ණාභරණ සමාගම විසින් සිය සන්නාම තානාපතිනිය ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට පත් කීර්තිමත් මෙන්ම විවිධ කේෂ්ත්‍රයන්ගේ දක්ෂතා දක්වන ප්‍රවීන කලා ශිල්පිණියක් වන ස්ටෙෆනි සිරිවර්ධන සාඩම්බරයෙන් යුතුව පත් කෙරේ.

කැරට් 18 සහ කැරට් 22 රන් ආභරණ සඳහා කිර්තීමත් නාමයක් දිනා සිටින Pure Gold by Tiesh සිය විශිෂ්ට නිර්මාණාත්මක කෞශල්‍යය සහ මෝස්තර සඳහා සුවිශේෂි බවක් දක්වයි. මෙම සන්නාමය විසින් ඉතා අලංකාරවත් මෙන්ම පෞද්ගලිකත්වය විදහා දක්වන සිත් ඇදගන්නාසුළු කරාබු, මාල, වළලු සහ මුදු නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කරන අතර මෙම නිෂ්පාදන රෝස රත්තරන්, සුදු රත්තරන් සහ කහ රත්තරන් යන වර්ණ ත්‍රිත්වයෙන්ම ලබාගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇත.

සිය ස්වභාවික රූ සපුව සහ ලාලිත්‍යය තුළින් ලොව පුරා ප්‍රශංසාවට හා ජන හදවත් දිනාගත් ස්ටෙෆනි සිරිවර්ධන විසින් සන්නාම තානාපතිනිය ලෙස තමන් පත්කිරීම පිළිබඳව සිය සතුට පළ කරමින් මෙසේ ප්‍රකාශ කළේය. “Pure Gold by Tiesh හි සන්නාම තානාපතිනිය ලෙස පත් වීමට ලැබීම පිළිබඳව මම බෙහෙවින්ම සතුටට හා ගෞරවයට පත් වෙනවා. ටීයේෂ් සන්නාමය සමඟ මගේ සම්බන්ධයට දිගු අතීතයක් තියෙනවා. මම වසර ගණනාවක් පුරාවට එහි විශ්වාසවන්ත පාරිභෝගිකයෙක්. ටීයේෂ්හි ගුණාත්මකභාවය සැමවිටම මා ආදරය කරන සහ අගය කරන දෙයක්. සෑම ස්වර්ණාභරණයක්ම පරිපූර්ණ කිරීමට ඔවුන් දක්වන උත්සාහය සහ කැපවීම මම බෙහෙවින් අගය කරනවා.”

Pure Gold by Tiesh සිය නවීන නිර්මාණාත්මක කුසලතා සමඟ සාම්ප්‍රදායික ශිල්ප සම්මිශ්‍රණය කරමින්, නව යුගයේ කාන්තාවන්ගේ රුචිකත්වයන් සපුරාලීම කැපී පෙනේ. Pure Gold by Tiesh අනෙකුත් නිෂ්පාදන වලින් වෙනස් වන්නේ එහි බහුකාර්යතාව සඳහා වූ කැපවීම හේතුවෙන් වන අතර සෑම ආභරණයක්ම විවිධ අන්දමින් පැළඳීමට එමඟින් ඉඩ සලසා තිබීමයි. සම්ප්‍රදායික උඩරට මනාලිය, හින්දු මනාලිය හා මුස්ලිම් මනාලිය ඇතුළුව සැමට ඉහළ නිෂ්පාදනයන් පිරිනමමින්, සන්නාමය සාඩම්බරයෙන් යුතුව විවිධ සංස්කෘතීන් සහ ජනවර්ගයන් සඳහා සිය නිෂ්පාදන සපයනු ලබයි.

Pure Gold by Tiesh වෙතින් නිෂ්පාදනය වන සෑම ආභරණයක්ම එකිනෙකට වෙනස් අනන්‍ය නිර්මාණ වේ. නිර්මාණශීලිත්වය සඳහා සන්නාමයේ කැපවීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ස්ටෙෆනි සිරිවර්ධන, “මම විශේෂයෙන්ම Pure Gold by Tiesh වෙත ආකර්ෂණය වන්නේ නිර්මාණශීලීත්වය සහ ඔවුන්ගේ අනන්‍ය වූ මෝස්තර නිර්මාණ විකල්පයන් සමඟින් සෑම මොහොතක්ම සුවිශේෂ කිරීමට ඔවුන් දක්වන කැපවීම හේතුවෙනි. Pure Gold by Tiesh විසින් සපයනු ලබන ගුණාත්මකභාවය සහ සේවාව විශිෂ්ටයි. ඔබ ටීෂ් වෙත ප්‍රවේශ වීම සාමාන්‍ය ස්වර්ණාභරණ සාප්පුවකට යාමට වඩා උසස් ගුණාත්මකභාවයක් ගෙන එනවා. හරියට ඔබේ නිවසට ගියා වගේ හැඟීමක් ඔබට දැනේවී. සෑම විටම හුරුපුරුදුකම සහ ආගන්තුක සත්කාරය පිළිබඳ හැඟීමක් ඔවුන් සතු වන අතර, ඔවුන් ඔබේ රුචි අරුචිකම් අවබෝධකර ගෙන ඊට ගැලපෙන පරිදි කටයුතු කරනු ලබයි. Pure Gold by Tiesh පවුලේ කොටස්කරුවෙකු වීමට ලැබීම මට මහත් ආශීර්වාදයක් ලෙස හැඟෙන අතර, අපට ඉදිරියේදී සිත්ගන්නාසුලු දේවල් බොහොමයක් කිරීමට තිබෙනවා.”

Pure Gold by Tiesh විසින් ඉදිරිපත් කරන ලද විස්මිත නිර්මාණ එකතුව, සන්නාමයේ පිරිනැමීම්වලට නව්‍ය ස්පර්ශයක් එක් කරමින් පරිවර්තනීය ස්වර්ණාභරණ ඇතුළත් කිරීමත් සමඟම අව්‍යාජ සංකීර්ණත්වය සහ කාලානුරූපී ආකර්ෂණය ප්‍රදර්ශනය කරයි. සන්නාමය සාම්ප්‍රදායික සහ නව්‍ය ප්‍රවණතා ඒකාබද්ධ කරමින්, පාරිභෝගික රුචිකත්වයට ඉඩසලසන අතර එමඟින් Pure Gold by Tiesh එහි තරඟකරුවන්ගෙන් වෙන්ව කැපී පෙනේ.

Pure Gold by Tiesh පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ඔබට අංක 253, ආර්. ඒ. ද මැල් මාවත, කොළඹ – 03 ලිපිනයේ පිහිටි ඔවුන්ගේ ප්‍රදර්ශනාගාරය වෙත පිවිසිය හැකිය.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *