වැලිවේරියේ නිවසක ඔමිකොන් ඛේදවාචකයක් – දෙදෙනෙක්ට හිතාගත නොහැකි ලෙස ලෙඩේ වැළඳිලා..ඉතිරි පිරිසටත් ලක්ෂණ

වැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමිකොන් වෛරසය ආසාදනය වී ඇති දෙදෙනෙකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් පවුලක 50 හැවිරිදි පියා සහ 25 හැවිරිදි දියණියකට ඇතිවූ රෝග ලක්ෂණ මත සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයට අනුව කොරෝනා ඔමිකොන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව කළ විමසුමකට පිළිතුරු දෙමින් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් ගමගේ මහතා පැවසීය.

එම පවුලේ මව, මිත්තනිය සහ දියණියකටද රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත සියලුම දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

ඔමිකොන් වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇති පවුලේ පියාට සහ දියණියට රෝගය වැළඳී ඇති ආකාරයක් නොදන්නා බවත් එම දෙදෙනාම සීදූව ප්‍රදේශයේ පෞද්ගලික ආයතන දෙකක සේවය කරන බවත් අනාවරණයවී ඇති අතර ඔවුන් බස්රථවලින් ගමන් ගෙන ඇත. එම තරුණිය සීදූව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තශාලාවක සේවය කරන්නියක් බවද අනාවරණයවී තිබේ.

දැනට රෝග තත්ත්වයෙන් පසුවන්නවුන්ගේ වැලිවේරියෙහි නිවසට පැමිණ ඇති බව කියන ඔවුන්ගේ ගම්පහ ප්‍රදේශයේ ඥාති පවුලක සාමාජිකයින් තිදෙනෙකුටද කොරෝනා රෝග ලක්ෂණ පවතින බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *