සිපෙට්කෝ ඉන්ධන බෙදන්නේ පෝලිම්වලින් ඉවත් වුණොත් පමණයි – ඇමති කංචන

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වලින් ඉවත්වන තුරු එම පිරවුම්හල්වෙත ඉන්ධන ලබා දීම සිදු නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්ධන අවසර පත්‍රය සදහා ලියාපදිංචිය සහ වාහන අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා දීමට දින වෙන් කිරීමේ වැඩපිළිවෙල අනිවාර්යෙන් බවයි.

ඒ හේතුවෙන් පෝලිම්වල රැදී සිටීමෙන් වැළකී එම වැඩපිළිවෙලට සහය දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 රැගත් නෞකාවක් අද දිනයේ දිවයිනට ලගා වීමට ද නියමිතයි. එම ඉන්ධන ගොඩබෑමෙන් පසු බෙදාහරින දිනයක් පිළිබද දැනුම් දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *