අගමැති මුල් පුටුව රෝහිතට දෙන්න සූදානම්

ලබන සෙනසුරාදා (26) දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයක් කුරුණෑගලදී විවෘත වීමට නියමිතය.

එහි ප්‍රධානියා ලෙස දැනට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන කනිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා පත්කිරීමේ සූදානමක් ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව රෝහිත රාජපක්ෂ මහතා මෙම කුරුණෑල අගමැති කාර්යාලයේ සිට අගමැතිවරයාගේ සම්බන්ධීකරණ කටයුතු සියල්ල සිදුකරනු ඇති බව පැවසේ.

බොහෝ දෙනා අනුමාන කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට ඊළග මහමැතිවරණයේදී රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බවකි.

එමෙන්ම පසුගිය කාල සීමා‌වේදී රෝහිත රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයකදීම කුරුණෑගලට ගොස් සමාජ සුබසාධන කටයුතුවල නිරත වීමට පියවර ගෙන තිබිණ.

මෙම අගමැති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම පොහොට්ටුවේ මැතිඇමැතිවරුන්ට ආරාධනා කිරීමටද පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *