වැවක් කුණු දමා ‘ගොඩ කර’ ක්‍රීඩා පිටියක් හැදූ රටක් (PHOTOS )

බදුල්ල නගරයට වසර පනහක් තිස්සේ පාරිසරික ගැටලුවක්ව පැවති අක්කර දෙකක කුණු කන්ද ගොඩකර ඒ මත නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ප්‍රදේශයේ ජනතාව මෑත කාලයේ ලැබු ජයග්‍රහනයක් බව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා කියයි.

 වසර පනහක් තිස්සේ ප්‍රදේශයෙන් ඉවත් කරන දිරන හා නොදිරන ද්‍රව්‍ය ටොන් 75,000ක් පමණ නගරයට ආසන්න ජාතික ක්‍රීඩාංගණ කිහිපයකට මැදිව ගොඩකර තිබියදි පාරිසරික ප්‍රශ්න රැසකට ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙමින් සිටිය අතර ඇතැම් මැතිවරණ පොරොන්දු වුයේ ද කසළ කන්ද ඉවත් කිරීමයි.

අතීතයේ මේ ප්‍රදේශය පිරිසිදු ජලය පිරී තිබුන වැවකින් සමන්විතව තිබු අතර පසු කාලීනව ප්‍රදේශයේ ජනගහනයේ වර්ධනයත් සමග නගර සභාවට වැවේ කසළ ගොඩකිරීමට සිදුව ඇත.

පසුගිය කාලයේ සති ගණනාවක් මේ කසළ කන්ද ගිනි ගැනීම නිසා ප්‍රදේශයේ සියලුම පාසල් හා රාජ්‍ය ආයතන දින ගණනාවක් වසා තැබීමටද සිදුවු අතර ජන ජීවිතයද අඩාල විය.කසළ කන්දෙන් බැහැරවන අපදව්‍ය ජලය බදුළු ඔයට එක්වීම නිසා එහි ජලය අපවිත්‍රව පැවතුණි.

පැවති ආණ්ඩු හා නගර සභා මේ කසළ ගොඩ නගරයෙන් ඉවත් කිරීමට සැළසුම් ක්‍රියාත්මක කළත් ඇතැම් නිළධාරීන්ගේ සෘජු මාදිහත්වීමක් නොවීම නිසා එය අතරමග නැවතුන බව නගරාධිපතිවරයා කියයි.

බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා මෙසේද පැවසීය.

වසර පනහක් තිස්සේ බදුල්ල නගරයේ ජාත්‍යයන්තර මට්ටමේ ක්‍රීඩාංගන කිහිපයකට මැදිව කසළ ගොඩකර තිබීම අතීතයේ ඇතැම් අයගේ ජීවනෝපාය මාර්ගයක් හා ධන නිධානයක් බවට පත්ව තිබුනා.

කසළ කන්ද ක්‍රීඩාංගනයක් බවට පත් කිරීම සදහා පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් මිලියන 30ක මුදලකුත් ඌව පළාත් සභාව මිලියන 12ක මුදලකුත් ලබාදී තිබෙනවා.

කසළ කන්දේ ඉදිකළ ක්‍රීඩාංගණයට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදී වොලිබෝල් හා නෙට්බෝල් ක්‍රීඩාංගණයක් හා ඇවිදින මංතීරු ඉදිකරන්නත් කටයුතු කරනවා.

ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ මැදිහත්වීම මත ප්‍රධාන ලේකම් පී.බී විජයරත්න මහතා,ඌව පළාත් පාලන ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මිය,පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා සමග බදුල්ල නාගරික කොමසාරිස් ජගත් ආරියරත්න මහතා,ඉංජිනේරුතුමා,මධ්‍යම පරිසර අධිකාරිය,මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා, ඇතුලු නගර සභාවේ නිළධාරින්ට හා සේවකයින්ට තුති පුද කළ යුතුයැයි නගරාධිපතිවරයා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *