අගමැතිට කටේ සැත්කමක් – හිරු සියල්ලන්ටම ඉහළින් හෙළි කරයි

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් ඊයේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලය ට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ මෙහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මුඛයේ සුළු සැත්කමක් සිදුකළ බවයි.

එම සැත්කම සඳහා අගමැතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලෙස දීර්ඝ කලක් කටයුතු කරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තූ ද එක්වී තිබෙනවා.

මේ වන විට එක්සත් රාජධානියේ වාසයකරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තු ශ්‍රී ලංකාවට පැමිණි සිටි අවස්ථාවක මෙම සැත්කම සිදු කිරීමට සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සැත්කමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *