ලංකාවේ ආයෝජනයට පැමිණි ජපනව ‘පෙබරවාරි අඩු මාසයක් කියලා ‘ හරවා යවලා

ඉදිරි දෙවසර තුල රැකියා ලබා දීමට ක්‍රමයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

බෙලිඅත්ත ප්‍රදේශයේ ඊයේ (06) පැවති වැඩසටනකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මුදල් අමාත්‍යාංශය විසින් ඒ සඳහා චක්‍රෙල්කයක් නිකුත් කර රැකියා සීමා කර තිබෙන බවත් මේ හේතුවෙන් කර්මාන්ත ශාලා 10ක් ඉදිකර එලැඹෙන සිංහල අවුරුද්දට පෙර එහි පලවන කර්මාන්ත ශාලාව විවෘත කිරීමට සූදානම් යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“තිස්සමහාරාම ආසනය සංචාරක ව්‍යාපාරයට විශේෂ අවධානයක් යොමුකරල තියෙන්නේ. අපි දන්නව  තංගල්ලටත් වෙනද වගේ සංචාරකයො දැන් එන්නැහැ. තංගල්ලට සංචාරකයො එනව කියන්නෙ  හයිවේ එකෙන් බැහැල සිටිනමලුව, බෙලිඅත්ත, පහුකරගෙන  යන්න ඔීන. මේ පැතිවලටත් ඒකෙ ලාභ එන විදියට අපි වැඩපිළිවෙලක් හදනව. ඒ වැඩ පිළිවෙල අපි දැන් හදාගෙන යනව. ඒ තුළින් අපට විශේෂ ආර්ථික ලාභයක් ලබාගන්න  හැකිවෙීවි. සිටිනමලුව  කොට්ඨාසයේ  පාරවල් කාපට්කරන්න තව තියෙන්නෙ කිහිපයයි. ඒ ටිකත්  හදල දෙන්නම්.

ජපන් මහත්තයෙක් ඇවිල්ල  හම්බන්තොට පැක්ටරිය දාන්න හැදුවෙ. අපේ හාදයෙක් කියල පෙබරවාරි අඩු මාසයක් ඒ මාසෙ ලංකාවෙ වැඩ කරන්නෑ කියල. ඒනිසා ඒ වැඩකටයුතු  මාර්තු මාසයට ගියා. අපට පුළුවන් මාර්තු  මාසයේ මුල්ගල් ටික තියන්න. සිමෙන්ති කර්මාන්ත ශාලාව අපි විවෘත  කරනව මාර්තු මාසයේ.

පවතින ආර්ථික  පසුබිමත් එක්ක අපි මේ හැම ආධාරයක්ම, ණයක්ම, ආයෝජකයක්ම, සංවර්ධන කටයුත්තක්ම, සහනාධාරයක්ම දෙන්නෙ විශාල අභියෝගයන් එක්ක. කොවිඩ්  19 එක්ක රටෙී ආර්ථිකය අඩුවෙලා. එහෙම තියෙද්දිත් තමයි අපි රටේ සංවර්ධන කටයුතු ඉහළ නංවාගෙන යන්නෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *