යුක්රේනය ආක‍්‍රමණය කිරීමට කොළ එළිය දැල්වේ – පුටින්ට ඒකමතික අනුමැතිය හිමිවේ

විදේශයන්හි තම  සන්නද්ධ හමුදා භාවිතා කිරීමට අවසර දෙන යෝජනාවට රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලය ඒකමතිකව සම්මත කළේය.

ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉදිරිපත් කළ එම යෝජනාව සම්මත කර තිබේ.

රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ පෙළ සිටින  සෙනෙට් සභිකයන් 153 දෙනාගේම ඒකමතික ඡන්දයෙන් සම්මත වී ඇත.

මෙමගින් ජනාධිපති පුටින්හට ඩොන්බාස් ජනරජ සමූහ ආණ්ඩුව වෙත රුසියානු හමුදා යැවීමට අවසර ලැබෙන බව විශ්ලේෂකයන් පෙන්වා දුන් අතර යුරෝපා රටවල් පෙන්වා දෙන්නේ මෙය යුක්රේනය ආක‍්‍රමණය කිරීමට කොළ එළියක් ලැබුණ හා සමාන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *