කොළඹ පැමිණි මාතර බස් රථයක් තෙල් නැතිව නවතී

කොළඹ සිට මාතර බලා ගමන් ගත් ශ්‍රී ලංගම බස් රථයක් ඩීසල් නොමැතිව අද උදෑසන කළුතර නගර මධ්‍යයේ නතරවීමෙන් එහි ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

කොළඹින් මාතර බලා ධාවනය වූ මාතර ඩිපෝවට අයත් එම බසය කළුතර මැදපාරේ උදෑසන 9 ට පමණ නතරවී තිබේ.

ඒ  වනවිට මගීන් 80 කට ආසන්න පිරිසක් රථයේ ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් වෙනත් බස් රථ වලට යොමුකල බව රියදුරු මහතා පැවසීය .

අනතුරුව කලුතර ඩිපෝවට දැනුම්දී ඩීසල් රැගත් ලංගම කාර්මිකයින් පැමිණ බස් රථය පෙරවරු 10.30 ට පමණ යලි පණගන්වන අයුරු දැකගත හැකිවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *