නෑයෙක් ආරූඪවී ‘ඉතාලියේ දී අම්මාව මරා දැමු’ විසි පස් වියැති ලංකාවේ පුතා

ඉතාලියේ මිලානෝ හි පිහිටි සිය නිවස තුළදී  ශ්‍රී ලංකික කාන්තවක් ඝාතනය කළේ යැයි කියන ඇගේ 25 හැවිරිදි පුත් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් 15 මෙම ඝාතනය සිදු කර ඇතැයි වාර්තා වෙයි.

මෙසේ මරාදමා ඇත්තේ නාත්තණ්ඩිය මූදුකටුවේ දමයන්ති රත්නායක නමැති 54 හැවිරිදි මවකි.

තමාගේ සිරුරට ආරූඪවී ඇති  ඥාතියක් මව මරා දමා ඇති බව සැකකරු අවට අයට කෑගසා පවසා ඇත.

සැකකාර පුතා මෙරට සිටියදී නාත්තන්ඩිය ප්‍රදේශයේ දේවාලයකට සම්බන්ධ වී කටයුතු කර ඇත.

පසුකාලයක සැකකරු තමාගේ සිරුරට භූතයකු ආරූඬවී ඇති බව කියා නිතිපතා නිවසේ පහනක් දල්වා එම භූතයාට බව කියමින් වැඳුම් පිඳුම් කර ඇති බව ද වාර්තා වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *