පවිත්‍රා ලකුණු දාගන්න සුදානමක් – ජනතාව ලිපට දමා කැබිනට්ටුවට ගේන යෝජනාව

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ .

විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ (16) පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත .

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර ,ඊයේ පැවති සාකච්ඡාවේදී එය කතාබහට ලක්වී ඇත .

ඒ අනුව ,අදාළ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරිය සඳහන් කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *