රන්ජන්ට සිරගෙයට ලැබුණු තාක්ෂණික උපකරණ

සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කරන කටයුතු පිළිබද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය අදහස් ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ රන්ජන් මේ වනවිට සුවසේ අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින බවකි.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා බදුල්ල බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණ සිටි අතර එහිදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

රංජන් රාමනායකට අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා තාක්ෂණ උපකරණ ලබාදී ඇති බවත් ඔහු බන්ධනාගාරය නිළධාරීන්ගේ අධික්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන බවත් උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *