අපිට ගහන එක නතර කරන්න කෝ

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට පහරදීම නතර කරනැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී ඉකුත්දා හමුවී කළ සාකච්ඡාවේ දී ඔවුන් මෙම ඉල්ලීම කර ඇතැයි ද වාර්තා වේ .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ආණ්ඩුවේ කටයුතුවලට සහයෝගය ලබා දෙද්දී මේ ආකාරයෙන් පහර දීම සමගියට විශාල බාධාවක් ඇතැයිද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ජනාධිපතිවරයා හමුවේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක් වූ බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *