බැසිල්ගේ සැළසුමක් මෛත්‍රීට හසුවේ – නිදහස් පක්ෂයේ පිපිරීමකට යෙදවූ තිදෙනා මෙන්න

නිමල් සිරිපාලත්, දුමින්ද දිසානායකත්, ලසන්ත අලගියවන්නත් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවට මතයක සිටීම බැසිල් රාජපක්ෂ මහතාගේ අවශ්‍යතා ඉටු කිරීමක් බවට නිදහස් පක්ෂ ප්‍රධානීන්ගේ මතයක් බවට පත්ව ඇත.

එමෙන්ම මේ තිදෙනා විසින් පසුගිය සති කිහිපයක සිටම කිසියම් අලුත් මතයක් ශ්‍රීලනිපය ඇතුළට කාවැද්දීමට කටයුතු කරමින් සිටින ආකාරයක්ද ආරංචිය.

එම මතය නම් ශ්‍රීලනිපය නැවත එක්සත් කළ යුතු බවත්, ඒ සඳහා පක්ෂය හැරගිය කොටස් යළි එකතු කළ යුතු බවත්ය. විශේෂයෙන්ම කලක් පක්ෂයේ අනුශාසකවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රිකා නැවත පක්ෂයට ගෙන ආ යුතු බවද ඔවුන්ගේ මතය වී තිබේ. එසේ කිරීමෙන් අනතුරුව වෙනත් පක්ෂ සමග සන්ධානගත විය යුතු බව එම කණ්ඩායමේ මතය වී ඇති බව සඳහන්ය.

නමුත් මේ වන විට චන්ද්‍රිකා සිටින්නේ මෛත්‍රි ඇතුළු ශ්‍රීලනිප නායකයන්ට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරමිනි. එම නිසා දුමින්ද, ලසන්ත, නිමල් ඇතුළු කණ්ඩායම මේ වන විට පක්ෂය ඇතුළේ ගෙන යන මතයට එරෙහිව මෛත්‍රිපාලගේ කණ්ඩායම දැඩි විරෝධයක් මතුකොට ඇති බවක්ද දැනගන්නට ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීම වැළැක්වීමටත්, තවදුරටත් අමාත්‍ය ධුර දැරීමට ඇති අවශ්‍යතාවත් නිසා මෙම පිරිස ශ්‍රීලනිපය ඇතුළේ යම් ගැටුමක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවකි.

බැසිල්ගේ සැලැස්මකට අනුව මෙම පිරිස ශ්‍රීලනිපය ඇතුළේ මෙම කුමන්ත්‍රණය දියත් කරමින් සිටින බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *