පැන්නූ විමල් නිසා ආණ්ඩුව ‘නොවැටෙන්න’ ජනපතිගෙන්ම ගේමක් – දුන්න ඇමතුම මෙන්න

විමල් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් එළියට බසිද්දී පොහොට්ටුවේ ප්‍රධාන පාර්ශ්වකරු ලෙස සැලකිය හැකි ශ්‍රීලනිපය එම පිලට වැටෙන්නට නොදී තවදුරටත් ආණ්ඩුව සමග තබාගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ ජනාධිපතිවරයාම බව වාර්තා වේ.

ජනාධිපතිවරයා ඊට ප්‍රයෝජනයට ගත්තේ කාලයක් තිස්සේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවට ශ්‍රීලනිපය විසින් කර තිබූ නිල ඉල්ලීමය.

ඒ අනුව ජනාධිපතිවරයා කෙළින්ම කතා කළේ දයාසිරිටය. එසේ දයාසිරිට කතා කළ ජනාධිපතිවරයා බොහෝ සැහැල්ලු ස්වරයකින් යුතුව දයාසිරි සමග කතා කරමින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස ආරාධනා කිරීමට පියවර ගත්තේය. නමුත් දැනට මතුව ඇති තත්ත්වය හමුවේ ඒ සම්බන්ධයෙන් තමන්ට තනිව තීන්දුවක් ගත නොහැකි බව ජනාධිපතිවරයාට කී දයාසිරි පක්ෂය සමග ඒ පිළිබඳ සාකච්ඡා කොට ජනාධිපතිවරයාට පිළිතුරක් ලබාදීමට කටයුතු කරන බව කියා සිටියේය. ඒ අනුව දයාසිරි ජනාධිපතිවරයාගෙන් ආ ආරාධනාව පිළිබඳ ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති ඉතා කෙටි සාකච්ඡාවකින් පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එකඟතාව පළවූ අතර, දයාසිරි විසින් එය ජනාධිපතිවරයා වෙත දැනුම් දීමටද පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපතිවරයා අඟහරුවාදා දින ශ්‍රීලනිප නායකයන්ට තමන් හමුවන ලෙස දැනුම් දී සිටීමට පියවර ගත්තේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *