සතුරු  ඩ්‍රෝනාවලින් බේරෙන්න ‘පාර්ලිමේන්තුවට ගේන’ ඩ්‍රෝනා  නාශක පද්ධතිය ගැන තොරතුරු

පාර්ලිමේන්තු සංකීර්ණය සතුරු  ඩ්‍රෝනා යානාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඩ්‍රෝනා  නාශක උපකරණ පද්ධති(Anti drone detection system ) තවත් තුනක් එහි සවිකිරීමට  කටයුතු කරගෙන යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ අංශයක් විසින් මෙම ඩ්‍රෝනා  නාශක උපකරණ පද්ධති නිෂ්පාදනය කරනු ලබන බව සඳහන් කරන වේත්‍රධාරිවරයා අඩු වියදමකින් එම උපකරණ පද්ධති සවි කිරීමට මේනිසා හැකිවන බවද  සඳහන් කළේය.

ඩ්‍රෝනා  නාශක උපකරණ පද්ධති කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ  මෙයට පෙරද සවි කරනු ලැබීය. ඒවා පාර්ලිමේන්තුවට පිරිනමනු ලැබුවේද යුද හමුදාව විසිනි.

සතුරු  ඩ්‍රෝනා යානා කල්තියා හඳුනා ගෙන ඒවා  පලවා හැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඩ්‍රෝනා  නාශක උපකරණ පද්ධති මගින් සිදු කෙරේ.
මේ අතර පාර්ලිමේන්තුවට ඉහළ  අහසේ සරුංගල් යැවීමද ආරක්ෂක හේතූ මත තහනම් කරනු ලැබ  ඇත.  පාර්ලිමේන්තුවට ඉහළින් සරුංගල් යැවූ කිහිප දෙනකුට ආරක්ෂක අංශ විසින් පසුගිය දිනවල අවවාද කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *