රාජ්‍ය ඇමතිකම් ගන්න සංගීත පුටු තරගයක

රාජ්‍ය අමාත්‍යධූර ලබා ගැනීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර තරගයක් ඇති වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරුන් කොපමණ පිරිසක් පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති අතර,එය විස්සකට හෝ විසිපහකට පමණ සීමා කෙරෙනු ඇතැයිද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවත් මන්ත්‍රීවරුන් සිවුදෙනකු ආණ්ඩුවට සම්බන්ධ වීමට නියමිතව ඇති අතර, ඔවුන් සිවුදෙනාටද රාජ්‍ය ඇමති ධුර හිමිවීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත.

රාජ්‍ය අමාත්‍යවරුන් මේ සතියේ දී දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද පැවසේ.

කැබිනට් ඇමැතිවරුන් පත් කිරීමේදී ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර දැඩි තරගයක් හටගෙන තිබූ අතර ,කැබිනට් අමාත්‍යධූර නොලැබුණු පිරිසක් කලකිරීමට පත්ව සිටින බවද දැනගන්නට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *