රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමාකිරීම ගැන නව චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයන් සේවයට සීමාකිරීම ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කිරීමේ නියෝගය තවත් මාසයක් සඳහා ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව 2022.07.24 දිනය සහ එදින සිට ඉදිරි මාසයක කාලසීමාවක් සඳහා වලංගු වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇත.

අමාත්‍යංශය අද(24) නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

අදාළ චක්‍රලේඛ වැරදි ලෙස උපයෝගී කරගෙන සේවයට වාර්තා කළ හැකි නිලධරයින් ද සේවයට වාර්තා නොකරන තත්ත්වයක් උද්ගත නොවීමට වගබලාගත යුතු බවද ඉන් පෙන්වා දෙයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉටුකළ හැකි රාජකාරී සඳහා සහ අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය කාර්යය මණ්ඩල කැඳවීමට මෙම චක්‍රලේඛයේ විධිවිධාන බාධාවන් නොවන බවද අදාළ චක්‍රලේඛයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *