ශ්‍රී ලංකාව ගැන කතා කරන ඉන්දියාවේ සර්ව පාක්ෂික හමුව අද

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දියාවේ සර්ව පාක්ෂික හමුවක් අද(19) පස්වරුවේ පැවැත්වේ.

එහිදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාමන් සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශන්කර්, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එරට සියලු දේශපාලන පක්ෂ නායකයන් දැනුවත් කිරීමට නියමිතය.

තමිල්නාඩු ප්‍රාන්තය පදනම් කර ගත් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ඉන්දීය රජයෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම හමුව කැදවා ඇති බව සදහන්වේ.

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා විසින් ශ්‍රී ලංකාවේ වාතාවරණය සහ ඒ් වෙනුවෙන් ඉන්දියාව මෙතෙක් ගෙන ඇති සහයෝගීතාවය පිළිබඳ එහිදී කරුණු දැක්වීමට නියමිතය .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *