IMF දූත පිරිසෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

ශ්‍රී ලංකා බලධාරීන් සමඟ මේ දක්වා කළ සාකච්ඡා බෙහෙවින්ම ඵලදායි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මේ දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බවත් ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් ඊයේ (30) මෙරටින් පිටත්ව ගිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ ප්‍රකාශකයකු මාධ්‍ය අමතමින් පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදලේ විධිවිධානයකින් සහාය වන ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඵලදායි සාකච්ඡා කළ බව ද මෙහිදී විධායක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බව ද එම අරමුදල පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, උද්ධමනය ඉහළ යමින් පවතින බව ද මේ වසරේ ආර්ථිකය සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටෙනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසය පළ කරයි.

විස්තීරණ අරමුදල් සම්පාදනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ශ්‍රී ලංකාවට හිමි වීමට නම් ණය ස්ථායිකරණය සම්බන්ධයෙන් මෙරට ණය හිමියන්ගේ සහතිකයක් අවශ්‍ය බව එම නියෝජිත කණ්ඩායම පෙන්වා දෙති.

පීටර් බ්‍රෙව්ර් සහ මෂහිරෝ නොෂාකි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් පසුගිය 20 දා ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය ඊයේ (30) අවසන් විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දීර්ඝ කාලීන බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඒවා උද්ධමනය ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ නොවිය යුතු බවත් මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දෙයි. එමඟින් දිළිඳු සහ පීඩාවට පත් වූවන් ආරක්ෂා කර ගත හැකි බව ද ඔවුහු පෙන්වා දෙති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව පවතින දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දීමට තම කැපවීම යළි තහවුරු කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම කියා සිටිති. විදේශ සංචිත ඉතා පහළ මට්ටමක පැවතීම, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධාවක් වී තිබෙන බව පෙන්වාදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

පුද්ගල සංචාරයේදී, ශ්‍රී ලාංකික ජනතාව, විශේෂයෙන් අර්බුදයෙන් පීඩාවට පත් දිළිඳු සහ අවදානමට ලක් වූවන් මුහුණ දී සිටින දුෂ්කරතා කිහිපයක් නිරීක්ෂණය කළ බව ද කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *