ජනපති, රුසියානු ජනාධිපතිවරයා සමග දුරකථන සංවාදයක

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග ඵලදායී දුරකථන සංවාදයක නිරත වූ බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. මීට පෙර ලක් රජයට එල්ලවූ අභි‍යෝගවලදී සහයෝගය ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමා රුසියානු ජනාධිපතිවරයාට ස්තුතිය පළකර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාව වර්තමාන‍යේ මුහුණ දෙන ආර්ථීක අභියෝගවලට මුහුණ දීම හා ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් සහයෝගය ඉල්ලා සිටි බව, ජනාධිපතිතුමා නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයේ සඳහන්.

දැනට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අත්හිටුවා ඇති එරෝෆ්ලොට් ගුවන් සේවය යළි ආරම්භ කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. දෙරට අතර ආර්ථික, සමාජයීය සහ සංචාරක යන ක්‍ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත් කම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි, ජනාධිපතිතුමා සිය ට්විටර් පණිවුඩයෙන් සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *