ලංකාවට පැමිණි චීන විදේශ ඇමති ‘මුලින්ම යානයෙන් බිමට’ තමන්ගේ ඩමියක් එවලා

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී යම් රැවටීමකට ලක්වූ සිද්ධියක්ද වාර්තා වේ.

චීන විදේශ අමාත්‍ය වොන්ග් යි (Wang Yi) පසුගිය 08 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔහුව පිළිගැනීමේ කාර්යය පැවැරෙන්නේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂටයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට චීන විදේශ අමාත්‍යවරයා රැගත් ගුවන් යානය ගොඩබෑ පසුව විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස සූදානම් වී සිටියහ.

ගුවන් යානයෙන් මුලින්ම පිටතට පැමිණෙන්නේ චීන විදේශ අමාත්‍යවරයාගේ හැඩරුවට බෙහෙවින්ම සමාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි.් එම නිලධාරියා මුව ආවරණයක් පැලඳ සිටි අතර ඒ නිසා බොහෝදෙනකු සිතුවේ ඔහු චීන විදේශ කටයුතු අමාත්‍යවරයා කියාය.

අඩුම තරමේ මෙරට චීන තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ද සිතා සිටියේ මුලින්ම පැමිණෙන පුද්ගලයා චීන විදේශ කටයුතු අමාත්‍යවරයා කියාය.

මේ අවස්ථාවේදී නාමල් රාජප්කෂ අමාත්‍යවරයාටද ඉඟියකින් දැනුම් දෙන්නේ මේ පැමිණෙන්නේ චීන විදේශ කටයුතු අමාත්‍යවරයා කියාය.

ඒ සමඟම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණ මෙම පුද්ගලයාව පිළිගෙන විශේෂ අමුත්තන්ගේ (VIP) ආලින්දය දෙසටද කැඳවාගෙන යෑමට සූදානම්ව තිබේ.

මෙම සිදුවීම සැලවූ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වහාම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට දැනුම් දෙන්නේ මේ පැමිණ ඇත්තේ චීන විදේශ කටයුතු අමාත්‍යවරයා නොව ආරක්ෂක උපක්‍රමයක් ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගේ රූපයට බෙහෙවින් සමාන ඩමියක් බවයි.

ඉන් පසුව යළිත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස ගුවන් යානය අසලට ගොස් නියම චීන විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිගත් බව වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *