චීනය අභිබවා ඇමරිකාව පෙරට එයි

පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඇමරිකා එක්සත් ජනපදය, චීනය අභිබවා ඉන්දියාවේ ප්‍රමුඛ වෙළඳ සහකරු බවට පත්ව තිබේ.

2021 – 2022 මූල්‍ය වසර තුළ දෙරට අතර සිදු වූ වෙළඳ ගනුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 119.42 ක් බවයි ඉන්දීය වානිජ අමාත්‍යාංශය සඳහන් කර ඇත.

පෙර වසරේ එම ගණුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 80.51 ක් බව වාර්තා වී ඇත.

එම කාලය තුළ ඉන්දියාව සහ චීනය අතර ද්විපාර්ශවික වෙළඳාමේ වටිනාකම සටහන් වන්නේ ඩොලර් බිලියන 115.42 ක් ලෙසය.

කෙසේ නමුත් ගතවූ වසර තුළ චීනය සහ ඉන්දියාව අතර වෙළෙඳ පරතරය පෙර වසරේ පැවති ඩොලර් බිලියන හතළිස් හතරේ සිට ඩොලර් බිලියන 72.91 දක්වා ඉහළ යාම විශේෂත්වයකි.

 
 
 
 
 
 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *