ලේක්හවුස් පුවත්පත් 05ක් අර්බුදය හමුවේ නතර කරයි

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය නිකුත් කරන පුවත්පත් 05 ක් එළැඹෙන ජූනි මස පළමුවනදා සිට නිකුත් නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලේක්හවුස් ආයතනයෙන් මුද්‍රණය කර බෙදාහරින සරසවිය, ආරෝග්‍යා, සුබසෙත, වන්නවානවිල්, කුට්ටි චුට්ටි යන පුවත්පත් මුද්‍රණය සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇති.

මීට අමතරව සතිපතා නිකුත්වූ පුවත්පත් තුනක් මාසයකට එක් වතාවක් පමණක් මුද්‍රණය කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බුදුසරණ පුවත්පත සෑම පසලොස්වක පොහොය දිනකම පමණක් මුද්‍රණය කිරීමටත්, තරුණි පුවත්පත සෑම මසකම පළමු සතියේ බදාදා දින පමණක් මුද්‍රණය කිරීමටත්, මිහිර පුවත්පත සෑම මසකම පළමු සතියේ සඳුදා දින පමණක් මුද්‍රණය කිරීමටත් එම ආයතනය කටයුතු කරන බවට නිවේදනය කරනවා.

මෙම තීරණයට හේතුවී ඇත්තේ මේ වන විට රටතුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් කඩදාසි සපයා ගැනීමේ අපහසුතාවය නිසා බව නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *