රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට අගමැති තීරණයක් ගෙන නැහැ

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව වාර්තා වේ .

ඒ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය තහවුරු කර ඇත .

ඉදිරි අතරු සහන අයවැය මගින් සිදුකිරීමට නියමිත වන්නේ සෞඛ්‍ය හා අධ්‍යාපනය යන අමාත්‍යාංශ හැර අනෙක් සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර ඒවා සහන ලෙස ජනතාවට ලබාදීම බවත් එහි සඳහන් ය.

මේ රජයේ සේවකයන් රාජකාරී සදහා කැදවීම අද සිට සීමා කෙරුණුද වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පවතින සම්පත් හිගය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සේවකයන් කැදවීමට සීමා කිරීමට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කෙරුණි.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සාමාන්‍ය පරිදි සිදුවන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *