ආහාර නැති නිසා අරණායක කාන්තාවක් දිවි නසා ගනී

පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාරය පිණිස කිසිවක් නැති වීමේ දුෂ්කරතාව ඉවසා අත නො හැකි ව දිවි නසා ගත් කාන්තාවක් පිළිබඳ අරණායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිවසේ තිබුණු පලිබෝධ නාශකයක් වැනි විෂ දියරයක් පානය කිරීමෙන් මෙම කාන්තාව ඊයේ (01) මිය ගිය බව යි පැවසෙන්නේ.

මිය ගොස් ඇත්තේ, අරණායක පොලිස් වසමේ බොස්සැල්ල, කළුගල 55 කොටසේ පදිංචි ව සිටි 75 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්.

ඇය සිය 73 හැවිරිදි වයෝවෘද්ධ සැමියා සමඟ ජීවත් වී ඇති අතර, එක ම දියණිය රඹුක්කන, ගබ්බල ප්‍රදේශයේ ජීවත් වන බව යි සඳහන් වන්නේ.

මෙම වයෝවෘද්ධ යුවළට ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1,950ක් හා වැඩිදිටි දීමනා ලෙස රුපියල් 1,900ක් ලෙස සමස්ත ආදායම රුපියල් 3,850ක් ලැබී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *