සංචාරකයින්ගෙන් යාල පිරෙයි

මෙරටට පැමිණි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට ද එක්ව සිටියා.

සංචාරකයින් දෙදහසකට වැඩි පිරිසක් සමග කොළඹ වරායට පැමිණි “මේන් ෂිෆ් 5” සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ පස්වරුවේ හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ.

මෙහිදී සංචාරකයින්ට හම්බන්තොට නගරය හා ඒ ආශ්‍රිත ස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව හිමිවුණි.

මෙලෙස යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇත්තේ ඒ අතරින් සංචාරකයින් 700කට ආසන්න පිරිසකි.

කෙසේවෙතත් ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා දිගු වේලාවක් පෝලිමේ රැඳී සිටීමට සිදුවීමෙන් ඇතැම් සංචාරකයින්ට වනෝද්‍යානය නැරඹීමට ප්‍රමාණවත් කාලයක් ලැබී නොමැත.

මේ හේතුවෙන් ඔවුන්ට අමතර පැය එකහමාරක පමණ කාලයක් වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *