ලක්හඬ ගුවන්විදුලිය 26 වැනි සංවත්සරය සමරයි(PHOTOS)

ප්‍රේම තටාකය, කාලේ හන්දිය, සින්දු විසේ, හැඟුම් වරැසාව, සිංහරාව, වෙඩිල්ල, රුයේ ඇසෙන ගී, ජෝති රාත්‍රිය මේ වගේ වැඩසටහන් කැලක් එක්කම fm 93.5 සහ 93.7 ඔස්සේ ඔබේ සවන් සනසන අයි.ටී.එන්. මාධ්‍ය ජාලයේ සහෝදර ලක්හඬ ගුවන්විදුලිය 26 වැනි සංවත්සරය සමරන ලද්දේ ඉකුත් 15 වැනි අඟහරැවාදා පෙ.ව. 9.00 සිට ස්වාධීන රෑපවාහිනී සජීවී වැඩසටහන් ලෙස H.D. මැදිරි පරිශ්‍රයේදීය.

ලක්හඬ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න, වර්තමාන ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කපිල තිලකසිරි, සහකාර කළමනාකරැ වැඩසටහන් මයුරි ලියනගේ, විධායක සන්නිවේදක නුවන් උදාර කරැණාරත්න, ඉන්ද්‍රසිරි සුරවීර ප්‍රමුඛ ලක්හඬ ගුවන් විදුලියේ මධුසංඛ මහමිතව, මොනිකා සේරසිංහ, චාමිකා මනෝජිනී ඇතුළු නිවේදක නිවේදිකාවන් මෙන්ම කාර්ය මණ්ඩලයද 26 වැනි සැමරැම සමඟ එක්වූ කලාකරැවෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *