රෝහලේ අපද්‍රව්‍ය කළමණාකරන මැෂිමේත් කෑලි ගලවන් ගිහින්

විදේශීය හා දේශීය ණය ආධාර යටතේ සායනික අපද්‍රව්‍ය කළමණාකරනය සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට 2018 වසරේදි ලබාදුන් රුපියල් කෝටි 11.57 ක් (ඇමරිකන් ඩොලර් 701,336ක්) වටිනාකමින් යුතු මෙටා පයිසර් යන්ත‍්‍රයේ කොටස් ස්ථාපිත කළ සමාගම විසින්ම කිසිදු අවසරයකින් තොරව ගලවාගෙන ගොස් ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය වනවා.

මෙම යන්ත‍්‍රය විධිමත් ලෙස රෝහලට භාරදීමක්ද සිදුකර නොතිබු බව විගණයේදි අනාවරණය වූ බව එම වාර්තාෙවේ සඳහන්.

යන්ත‍්‍රය ස්ථාපිත කළ කුටියේ යතුරු තිබුණේද එය සැපයු ආයතනයේ නියෝජිතයා සතුව බවද එය ස්ථාපිත කළ දිනයේ සිටම ක‍්‍රියාකාරිත්වය දුර්වලව පැවති බවද මාසයේ වැඩි දින ගණනක් අක‍්‍රියව පැවති බවද රෝහල් කළමණාකාරිත්වය විගණනයට දැනුවත් කරමින් පවසා තිබෙනවා.

එලෙස නිතර කැඩෙන නිසාත් ක‍්‍රියාකාරිත්වය දුර්වල නිසාත් එවැනි යන්ත‍්‍රයක් අවශ්‍ය වෙනත් රෝහලක් වෙත එම යන්ත‍්‍රය ලබාදෙන ලෙස 2020 ජුනිවලදී සෞඛ්‍ය අමත්‍යාංශය වෙත දැනුම් දුන් බවද රෝහල් කළමණාකාරිත්වය විගණනයට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *