රාජගිරියේ දී ත්‍රාසජනක ලෙස පැනගිය කුඩු ජාවාරම්කරුවා හඳුනා ගනී – නුගේගොඩ ගෙදරට පොලිසියෙන් පනී

පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය කිලෝ මීටරයක් පමණ දුරක් රැගෙන ගොස් වෙට්ටුවක් දමා සැරයන්වරයා ව බිමට වැටීමට සලස්වා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනාගෙන ඇතැයි නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පළා ගිය මෝටර් රථයේ ලියාපදිංචි අංකය සි සි ටි වි දර්ශන ඔස්සේ ලබාගෙන සිදුකළ විමර්ශනවලදී පලා ගියේ එම පුද්ගලයා නුගේගොඩ මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට අනාවරණ වී තිබුණි

ඒ අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් පලාගිය සැකකරුට අයත් බව කියන ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල් නිවස වටලා සිදුකළ පරීක්ෂාවේදී පලාගිය සැකකරු නිවසේ නොසිටීම හේතුවෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනා ගෙන් ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී තම සහෝදරයා පෙරේදා (19) ඔහුගේ බිරිඳ සමග නිවසින් පිට වූ බවත් සිටින තැනක් හෝ දුරකථන අංකයක් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇත

පලා ගියේ එම සැකකරු මීට කලකට පෙරදී ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවත් මත් මුද්දර සහ මත් පෙති ජාවාරම සිදු කරන්නෙක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *