මුදල් රාජ්‍ය ඇමතිගෙන් වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට නියෝගයක්

පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව පාසල් වාරය ආරම්භ වීමත් සමග දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග්  මිල දී ගැනීමේ දී මාපියන් දැඩි අපහසුතාවට පත් ව සිටින බවයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාසල් බෑග් සහ සපත්තු මිල පිළිබඳ අද (11) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

දැනට සපත්තු සහ බෑග් ආයනයන සම්පූර්ණයෙන් ම අත්හිටුවා ඇති අතර දේශීය වශයෙන් නිෂ්පාදනය සඳහා ද අමුද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කෙරේ. අමාත්‍යවරා සඳහන් කළේ එබැවින් ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ බෑග් සහ සපත්තු මිල ද පහළ යා යුතු බවයි. ඒ පිළිබඳ සොයා බලා සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා නියෝග කළේ ය. එසේ මිල පහළ යාමක් සිදුව නොමැති නම් ඒ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිතුමා දැන්වත් කර  මිල අඩු කිරීමට අදාළ ගැලපෙන පිළියමක් සඳහා යොමු වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *