පාතාල සාමාජිකයෙකුට නාම යෝජනා දුන් නිදහස් පක්ෂය

පුංචි ඡන්දයට සභිකයින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මේ වන විට නාමයෝජනා භාර ගැනීම අවසන්ව තිබේ.

දැන් දැන් ඡන්ද උණුසුම වැඩි වෙත්ම නාමයෝජනා ලබාදීමේ දී ඇතැම් පිරිස් සිදු කළ කූඨ ක්‍රියා රැසක්ද හෙළිවෙමින් තිබේ.

දෙහිවල-ගල්කිස්ස නගර සභාව වෙනුවෙන් ලබාදුන් නාමයෝජනා ලැයිස්තුවක එවැනි සිදුවීමක් සිදුව ඇති බව දැන් කරළියට පැමිණ ඇත.

පොහොට්ටුවෙන් තරග වැදීමට සූදානම්ව සිටි රත්මලාන ප්‍ර්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු තමන්ට නාමයෝජනා නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග වැදීමට තීරණය කර ඇති අතර ප්‍රදේශයේ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඔහුට එජාප,සජබ,ජා.ජ.බ.හෙලිකොප්ටරය යටතේ කිසිදු පක්ෂයකින් තරග වැදීම අවස්ථාව නොදීමට තීරණය කර ඇත්තේ එම පක්ෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ වංචනික පුද්ගලයින්ට මෙන්ම මැර බලය යොදවන පිරිස්වලට නාමයෝජනා ලබා නොදීමේ පක්ෂ තීන්දුව මතයි.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයට සම්බන්ධ අයෙකුද බව චෝදනා එල්ල වී ඇත.

මෙවැනි පුද්ගිලයින්ට ප්‍රධාන පක්ෂ වලින් නාමයෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීමත් සමග අදාළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණු යටතේ දෙහිවල – ගල්කිස්ස නගර සභාවට තරග වැදීමට පිඹුරුපත් සකසා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දූෂිත පුද්ගලයින්ට නාමයෝජනා නොදීමට මෑත කාලයේ ක්‍රියාකර ඇති පසුබිමක මෙම පුද්ගලයාගේ නාමයෝජනාවට හිටපු ජනාධිපතිව අනුමැතිය ලබාදීම විමතියකට කරුණක්. සජීන් වාස්, සරණ ගුණවර්ධන,දුමින්ද සිල්වා යන හිටපු මන්ත්‍රීවරුන්ට දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් ඔවුන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය එවක කාගේත් පැසුසමට ලක්විය.

කෙසේ වෙතත් රත්මලාන පදිංචි මත්ද්‍රව්‍ය චෝදනා රැසක් එල්ල වූ පුද්ගලයා හිටපු ජනාධිපති මෛත්‍ර්‍රීපාල සිරිසේන මහතා නාමයෝජනා ලබාදී ඇත්තේ නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරගේ සහ පක්ෂයේ සෙසු සාමාජිකයින්ගේ අනුමැතියකින් තොරව බවට දැන් අනාවරණය වෙමින් තිබෙනවා. නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්ව අදාළ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරද්දි හිටපු ජනාධිපතිවරයා එම පුද්ගලයාගේ නාමයෝජනාව පිළිගත්තේ කුමන කරුණක් නිසාද යන්න රහසක් බවට පත්ව තිබේ.

නිදහස් පක්ෂයේ මහලේකම්වරයාගේ අත්සන ගැනද මෙහිදී සැක මතුව ඇති අතර මේ පිළිබද පොලීසියට පැමිණිලි කිරීමටද කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *