දියවන්නා ඔයට තෙල් දමලා – හෙළිවූයේ අහම්බෙන් ලැබුණු ඡායාරූපවලින් (PHOTOS)

දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවීමේ සිද්ධියක් සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ පිළිබඳ වහාම සොයාබලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

මින් දින දෙකකට පමණ පෙර එම සිදුවීම වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධව ඡායාරූප කිහිපයක් ද අමාත්‍යවරයාට හිතවතෙක් විසින් ලබා දී ඇතැයි පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම ඡායාරූප අනුව විශාල තෙල් තට්ටුවක් දියවන්නාව දෙසට පාවෙමින් පවතින බව ද පෙනී යන බව ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම ක්‍රියාව කිසියම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ කණ්ඩායමක් විසින් සිදුකරන ලද ක්‍රියාවක් ද යන්න පිළිබඳව ද සොයා බලන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *