ගෝඨාභය ගැන අධිකරණයෙන් නියෝගයක්

2022 වසරේ ජුලි 9 අරගල විරෝධතාව අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහස ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද නියෝග කළේය. 

අදාළ මුදල් තොගය අරගලකරුවන් විසින් එදිනම පොලිසිය වෙත භාරදුන් අතර පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නේය.  

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *