කන්දකාඩු රැඳවියන් 600කට ආසන්න පිරිසක් පළා යයි

වැලිකන්ද, කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600කට ආසන්න පිරිසක් පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, කන්දකාඩු මධ්‍යස්ථානයේ දී එක් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ගැටුමක් හටගෙන ගත් බවයි.

ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 600 දෙනෙකු පළා ගොස් ඇති බව ඔහු තහවුරු කළා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා පැවසුවේ, තත්ත්වය පාලනය කිරීමට සහ පැනගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සහ පොලිසිය යොදවා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *