සුපිරි ඉන්දීය සමාගමක් ‘යොහානිගේ කළමණාකරණය ‘ සිය අතට ගනී
මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයත් සමඟ ලොව පුරා දැඩි ප්‍රසිද්ධියක් ලබා සිටින ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ වෘත්තීමය කළමණාකරණ ඉන්දියාවේ මුම්බායිහි පිහිටි නම ගිය කළමණාකරණ සමාගමකට පැවරූ බව වාර්තා වනවා.
ඇය ඉන්දියාවේ ප්‍රසංග දෙකක් බාරගැනීමත් සමඟ එංගලන්තය ඇතුලු ලොව පුරා රටවලින් ප්‍රසංග සඳහා ආරාධනා ලැබෙමින් ඇති අතර එම කිසිඳු ආරාධනාවක් යොහානි මේ දක්වා ස්ථිර කර නොමැති බව ද සඳහන්.
ලෝකයෙන් එන ආරාධනා සම්බන්ධයෙන් වඩාත් හොඳ ආකාරයකට කළමනාකරණය කළ යුතු නිසාවෙන් ඉන්දියාවේ නම්දැරූ රංගන සහ සංගීත ශිල්පීන් කළමනාකරණය කරන සමාගමකට යොහානිගේ කටයුතු ද බාරදුන් බවත් ඇයගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඔහුගේ කළමනාකරු මුම්බායි නුවරට ගොස් එම කළමණාකරණ සමාගමක සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වනවා.