තිස්ස ජනනායකයි අනුර කුමාරයි එකම ඇඳේ – ජනේලෙන් පැනලා යන අනුර විභාග පාස්වූ හැටි හෙළිවේ(VIDEO)

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ තමන් සහ අනුර කුමාර දිසානායක මහතා සිටියේ එකම නේවාසිකාගාර එකම ඇඳක බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

තමන් එකල දේශන සඳහා යාමට සූදානම් වෙද්දී අනුර දිසානායක කොහේදෝ සිට ජනේලයෙන් කාමරයට පැමිණ නිදාගන්න බවත් තමන් ආපසු එන විට අනුර දිසානායක කාමරයෙන් පිට වී යන බවත් ඔහු පැවසීය.

එසේ යන්නේ දේශපාලන වැඩවලට බවද අනුර දිසානායක කිසිම දිනක විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා සහභාගී නොවූ බවත් ඔහු පැවසීය.

දේශණවලට සහභාගී වූ අයගේ සටහන් පොටෝකොපි කරගෙන පාඩම් කර විභාගය ද සමත් වූ බවත් හෙතෙම කියා සිටියේය.

තම උපකාරක පන්තියට සහභාගි වූ සිසුන් පිරිසක් ඉදිරියේ දී හෙතෙම මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *