ලිට්‍රෝ සමාගමේ සභාපති නෙරපීමත් රිවස් කරයි !

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අත්හිටුවා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග සඳහන් කළේ, ජනාධිපතිවරයා අද ලිට්‍රෝ සමාගමේ කළ නිරීක්ෂණ චාරිකාව අතරතුර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ පිළිබඳව උපදෙස් දී ඇති බව ය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සමාගම් ලේකම් වෙත යැවූ ලිපියක දැක්වුණේ, ලිට්‍රෝ සමාගමේ සභාපති ධූරයෙන් තෙෂාර ජයසිංහ මහතා ඉවත් කර එම තනතුර සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *