ගිලෙන නැවෙන් මීයන් පනී – සුසිල් හත්පොලේ ගායි

විදෙස් ආක්‍රමණ හමුවේදීවත් කෘෂිකර්මාන්තයට මෙවැනි හානියක් සිදුනොවූ බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද (02) දෙල්කඳ පොළෙන් එළවළු මිලදී ගැනීමට පැමිණ සිටි අවස්ථාවේදීය.

“බඩු මිල අඩු කිරීම සඳහා වෙළෙඳ හා කෘෂිකර්ම ඇමතිලා වගකියන්න ඕනේ. බඩු මිල පාලනය කරන්න එක වේලාසන සූදානම් වෙලා කරන්න ඕනේ. පොහොර නැති කළාම කොහොමද ගොවියෝ ඵලදාව ගන්නේ. කරන්න බැරි දේවල් කරන්න ගිහින් තමයි රටම අමාරුවේ දාලා තියෙන්නේ. ඒකට වගකකියන්න ඕනේ තීන්දු ගත්ත අය.”

මාධ්‍යවේදියා – ඒ කියන්නේ කෘෂිකර්ම ඇමතිතුමාට මේක කරන්න බැරිද ?

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා – කෘෂිකර්ම ඇමතිතුමා ෆේල්

මාධ්‍යවේදියා – ඔබතුමාලගේ ආණ්ඩු නේද මේ ?

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා – අපේ ආණ්ඩු වුණාට අපි තීන්දු ගන්න තැන්වල නැහැ. අපි බංකුවක් උඩ තියලා තියෙන්නේ. හරි තීරණ ගන්න තිබුණා දැන් කල් පැනලා දැන් ඉතින් වෙන කට්ටියකට තමයි තීන්දු ගන්න වෙන්නේ.

මාධ්‍යවේදියා – කිසිම ආණ්ඩුවක මෙච්චර වැඩිවීමක් වුණේ නැහැනේද ?

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා – විදෙස් ආක්‍රමණ හමුවෙත් කෘෂිකර්මයට මෙහෙම හානියක් වුණේ නැහැ.

මාධ්‍යවේදියා – ඔතුමා රජයට කියන්නේ මොකක්ද ?

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා – කරන්න බැරි අය අයින් වෙලා පුළුවන් අයට දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *