ජෝ බයිඩන්ගේ පණිවිඩය රැගත් ගැහැණිය ‘එන බව දැනගත් විගස’ ජනපති යැවූ පණිවිඩය

ඇමරිකාව විශේෂය නියෝජිතවරියක් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් වන බව වාර්තා වීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද වහාම ඇමරිකානු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පණිවුඩයක් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම පණිවුඩය හරහා ජනාධිපතිවරයා දැනුම් දුන්නේ ඇමෙරිකානු නියෝජිතවරිය උණුසුම් අයුරින් පිළිගැනීමට ආණ්ඩුව සූදානම් බවයි.

එමෙන්ම ඇගේ පැමිණීම හරහා දෙරට අතර සහයෝගීතාව සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගත හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කළ පණිවුඩයේ සඳහන් ව ඇති බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා යොමුකළ පණිවුඩයට තවමත් ඇමරිකානු පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි දැනගන්නට ඇත්තේ.

අපට වාර්තා වන ආකාරයට එම නියෝජිතවරිය මාර්තු 22 ලංකාවට පැමිණීමට නියමිත වන අතර 23 ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ විශේෂ පණිවුඩයක් රැගෙන එන ඇගේ ශ්‍රී ලංකා ගමන බොහෝ දුරට ලංකාවට ඉතා තීරණාත්මක එකක් බවයි බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *