දැන් සුෂුම්නාව හානි වුවත් ඇවිදීමේ වරම්

කෙනෙකුගේ සුෂුම්නාව හානි වුවහොත් ඔහුට ඇවිදීමේ වරම අහිමිවෙයි.

නමුත් යතුරුපැදි අනතුරක් හේතුවෙන් කොඳු ඇට පෙළ විනාශවී අංශභාගය තත්ත්වයට පත්වී සිටි පුද්ගලයෙක්ට නැවතත් දෙපයින් ඇවිදීමේ වාසනාව හිමිකරදීමට ස්විස්ටර්ලන්ත වෛද්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් සමත් වී තිබුණි.
  
එම පර්යේෂකයින් කණ්ඩායම විසින් නිපදවා තිබූ බද්ධ කළ හැකි උපාංගයක් පිහිටෙන්, අංශභාගය හේතුවෙන් ඇවිදිය නොහැකිව සිටි මයිකල් රොකාති ට වසර 5කට පසු නැවත ඇවිදීමේ වරම ලබාගැනීමට හැකිවී තිබේ.   

සුෂුම්නාව සම්පූර්ණයෙන්ම හානි වූ කෙනෙකුට නිදහසේ ඇවිදීමට හැකි වූ ලොව පළමු අවස්ථාව එය ලෙස සඳහන් වෙයි.

“Nature Medicine” සඟරාවේ මෙම තොරතුරු පළකර තිබේ.

මීට වසර 5කට පමණ පෙර යතුරුපැදි අනතුරක් හේතුවෙන් රොකාති අංශභාග තත්ත්වයට පත්වුණි. 

ඔහුගේ සුෂුම්නාව සම්පූර්ණයෙන් විනාශ වී තිබු අතර ඔහුගේ පාද ක්‍රියා නොකළේය.

පර්යේෂකයින් විසින් එම නව උපාංගය ඔහුගේ සුෂුම්නාවට සවිකර තිබේ. 

“මට හිට ගන්න පුළුවන්. අවශ්‍ය තැනට ඇවිදින්න හැකියාව තිබෙනවා. මට පඩිපෙළ නගින්නත් පුළුවන්. ජීවිතේ දැන් සාමාන්‍ය බව හැඟෙනවා.”

ඉතාලි ජාතිකයෙක් වන මයිකල් ගේ ධෛර්යද මෙම පර්යේෂණයේ සාර්ථකත්වයට හේතුවූ බව විද්‍යාඥයෝ පවසති.

අනතුර සිදුවූ අවස්ථාවේම හැකිතරම් තම සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කර ගැනීමට ඔහු සිතා ගෙන තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *