සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂ මණ්ඩලවලට අපලයක් – ඉදිරි සති කිහිපයේදී කුට්ටම අනයි

රජයේ සංස්ථා සහ මණ්ඩල කිහිපයක සභාපතිවරුන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලවල වෙනසක් ඉදිරි සති කිහිපයේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ඇතැම් ආයතනවල සභාපතිවරුන්ගේ පමණක් වෙනසක් සිදුකිරීමට නියමිත අතර ,ඇතැම් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයම අලුතින්ම පත් කෙරෙනු ඇතැයි එම ආරංචිමාර්ග පැවසේ .

රජයේ සංස්ථා හා මණ්ඩලවල පුළුල් වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන්,ඒවායේ ප්‍රධානින් මෙසේ මාරු කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවසේ .

මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතා පසුගියදා ඉවත් කර, ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත් කරනු ලැබීය .

මේ අතර, ලිට්ට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙශාර ජයසිංහ මහතා ඉන් ඉවත් කර ජනාධිපතිවරයා විසින් ඔහු එදිනම නැවතත් පත් කරනු ලැබීය .

මාර්ග සංවර්ධන අධිකාරිය සහ මග නැගුම ආයතනයේ සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ද ඉල්ලා අස්වන ලෙස මහාමාර්ග ඇමති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *