සොරාගත් ඓතිහාසිකමය රන් සහ පළිඟු කරඬු අට ගැන තොරතුරු (PHOTOS )

රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්ධිරයේ තිබූ ඓතිහාසිකමය වැදගත්කමකින් යුතු රන් සහ පළිඟු කරඬු අටක් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි රඹුක්කන පොලිසිය සඳහන් කරයි.

රන් කරඩු පහක් සහ පළිඟු කරඬු තුනක් මෙසේ අතරුදහන්ව ඇත. ඒවා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ විශේෂ මංජුසාවක තැන්පත් කර තිබූ බවත් ඒවා බිඳ රන් කරඬු 5ක් හා සහ පළිඟු කරඬු තුනක් සොරා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම සොරකම සිදුවන දින විහාරාධිපති හිමියන් පුණ්‍ය කටයුත්තක් සඳහා පිටතට වැඩම කර සිටි බවද කොටවෙහෙර විහාරස්ථානයේ වැඩ වාසි කිවුල්පනේ පඤ්ඤාවංස හිමියෝ පැවැසූහ.

විහාරස්ථානයේ සවිකර ආරක්ෂිත කැමරා පද්ධතියද මෙයට මාස දෙක තුනකට පමණ පෙර සිට අක්‍රිය වී තිබූ බවද උන්වහන්සේ පැවසීය.

මෙම ධාතු කරඬු හා පළිඟු 1956 සහ 2000 වසර වල දැලිවල කොටවෙහෙරේ කළ කැණීම් කටයුතුවලින් සොයා ගත් ඒවා බවද උන් වහන්සේගේ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *