හෙදියකගේ වැටුප එක්ලක්‍ෂ අසූදාහයි – පැය 400ක් OT

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරි කරන අයගේ වැටුප් හා දීමනා සම්බන්ධව විස්තර පුවත් පත්වල සම්පූර්ණ පිටුවක් පුරා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

මේ දිනවල සිදුකරමින් පවතින සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැඩ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

‘ඉදිරි දින කිහිපය ඇතුළතදි වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයගෙ වැටුප් හා දීමනා සම්බන්ධව පුවත්පත්වල සම්පූර්ණ පිටුවක් පුරා දැන්වීමක් දානවා. එතකොට හැමෝටම අදහසක් ගන්න පුළුවන්වෙයි මේ අය ගන්න පඩිය ගැන. සාමාන්‍යයෙන් හෙදියක් පැය 400ක් විතර අතිකාල කරනවා. අපි එය පැය 150ක් හැටියට අරගත්තොත් තුන්වැනි ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් සාමාන්‍යයෙන් රු. 1,02,000 (රුපියල් එක්ලක්ෂ දෙදහසක) වැටුපක් ගන්නවා. පළමු ශ්‍රේණියේ හෙදියක් ගන්නවා රුපියල් 1,80,000ක් (රුපියල් එක්ලක්ෂ අසූ දහසක්)’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *