දම්රෝ කම්පැණියට කැබිනට්ටුවෙන් ‘හදන්න අවසර දුන්’ සුපිරි හෝටලයේ තොරතුරු

කොළඹ 03 ප්‍රදේශයේ කාමර 652ක් සහිත සුඛෝපබෝගී නගර හෝටලයක් ඉදිකිරීමට කැබිනට අනුමැතිය ලැබී තිබේ.

දම්රෝ සමූහයට අයත් සමාගමක් වන ඩී.ආර්. හෝම් ඇප්ලයන්සස් (ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හා පියෙස්ට්‍රා පර්නිචර් (ප්‍රයිවට්) ලිමිටඩ් හා ඩී.ආර. ඉන්ඩස්ට්‍රීස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන ආයතන එක්ව මෙම හෝටලය ඉදිකිරීමට නියමිතය.

කොළඹ  03 ප්‍රදේශයේ ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 70.4ක (රුපියල් බිලියන 14ක් පමණ) අයෝජනයක් සහිතව මෙම හෝටලය ඉදිකිරීමට නියමිතය.මෙම ව්‍යාපෘතිය සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ප්‍රදානය කරන නිදහස් කිරීම් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *